තම මව ඉදිරියේ පැරෂුට් එකක් ආධාරයෙන් ගොඩනැගිල්ලකින් පහලට පැනපු පාසල් සිසුවෙක් පහළට අදවැටී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ යුක්රේනයෙන්.
එරට මහල් 15 ක් උස ගොඩනැගිල්ලකින් තම නිවසේ සාදාගත් පැරෂුට් එකක ආධාරයෙන් පැනීමට යාමේදීයි මෙම පාසල් සිසුවා අනතුරට ලක්ව ඇත්තේ.
එහිදී ඔහු බලාපොරොත්තු වූ ආකාරයට එම පැරෂුට් එක නිසිලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිසුවා කෙළින්ම පොළොවට ඇදවැටෙනවා.
බරපතළ තුවාල ලැබූ සිසුවා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අදාල අනතුර සිදුවන අවස්ථාවේ එම සිසුවාගේ මව ද එම ස්ථානයේ සිට ඇති අතර තවත් පිරිසක් එහි සිටිමින් එය රූගත කළ බවයි සිද්ධිය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කර ඇත්තේ.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ කිසිවෙකු හෝ සිසුවා එම ක්‍රියාවෙන් වළක්වාගැනීමට උත්සාහ කළේ නම් ජීවිතයක් බේරාගැනීමට තිබූ බවයි.
අදාළ සිදුවීම ජංගම දුරකතනයක සජීවීව පටිගතව තිබුනේ මෙලෙසින්.
සංවේදී පුද්ගලයන් පහත වීඩියෝව නැරඹීමෙන් වළකින්න.