Gossips

තංගල්ල -වීරකැටිය මාර්ගය අවහිර කරමින් දෙමව්පියන් පිරිසක් විරෝධතාවක

වීරකැටිය ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ළමයින් 15 දෙනෙකු ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් තංගල්ල – වීරකැටිය ප්‍රධාන මාර්ගය මෙම විදුහල අසලින් අවහිර කරමින් අද විරෝධතාවක නිරත වුණා.
මෙම සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පාසල අසල අට්ටාලයක් සකස් කර මීට දින හතරකට පෙර උපවාසයක් ආරම්භ කළ අතර එය ද මේ වනවිටත් ක්‍රියාත්මකයි.