Gossips

තංගල්ල නගරාධිපති පුටුව එජාපයට

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ ජයගත් තංගල්ල නගර සභාවේ සභාපති ධූරය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙනවා.
ජන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ආසන 07 බැගින් හිමිකර ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ආසන දෙක බැගින් හිමි කර ගත්තා.
සභාපති තෝරා ගැනීමට අද (26) පැවති ජන්ද විමසීමේදීද පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ජන්ද 07 බැගින් ලබාගෙන තිබෙනවා.
පසුව කුසපත් ඇදීමක් සිදු කර ඇති අතර ඉන් එක්සත් ජාතික පක්ෂයේ රවිදු වෙදආරච්චි තේරීපත් වූ බවයි එහි සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත් අරණායක ප්‍රාදේශීය සභාවේ බලය අද (26) පැවති ජන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙනවා.
ජන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයට ජන්ද 16ක් හිමි වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇත්තේ ජන්ද 14ක්.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් නම යෝජනා කළ නිහාල් සෙනවිරත්න සභාපතිවරයා ලෙස තේරීපත්ව තිබෙනවා.
කුසපත් ඇදීමකින් නියෝජ්‍ය සභාපතිවරයා ලෙස තේරීපත්ව ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්සිරි බණ්ඩාර මන්ත්‍රීවරයායි.
මේ අතර කොටගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ රාජමනී ප්‍රශාන්ත් අද(26) තේරීපත් වුණා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජනතා පක්ෂයේ ද සහයෝගය ලබා ගනිමින්.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රී ආසන 07ක් හිමිකර ගනිමින් කොටගල ප්‍රාදේශිය සභාවේ බලය ලංකා කම්කරු කොංග්‍රසය හිමි කර ගත් අතර දෙවන ස්ථානයට පත් වූ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 06ක්.
පොදු ජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජනතා පක්ෂය එක් ආසනය බැගින් හිමි කර ගත්තා.
එමෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයෙන් පලාත් පාලන ආයතන සඳහා තේරීපත් වූ සභිකයන් 136 දෙනෙකු අද අළුයම කොටගල – ශ්‍රී මුත්තු මාරිඅම්මන් සංස්කෘතික ශාලාවේදී දිවුරුම් දුන්නා.
ඒ එම පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොන්ඩමන් ඉදිරියේදීයි.