Gossips

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව තරුණයෙකුගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාට එරෙහිව තරුණයෙකු විසින් පොලිස් කොමිසමට අද පැමිණිල්ලක් භාරදුන්නා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හරහා තමාට රැකියාවක් ලබාදෙන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක මහතාගේ නිල රථයට යම්කිසි දෙයක් දැමීමට යෝජනා කිරීම පිළිබඳව අදාළ පැමිණිල්ල සිදුකර තිබෙනවා.
පැමිණිල්ල භාරදුන් තරුණයා සඳහන් කරන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයෙකු යැයි සඳහන් කරන පුද්ගලයෙක් සමග එක්ව තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා තමාට මෙම යෝජනාව කළ බවයි.