Gossips

තංගල්ලේ හිටපු සභාපති ඇතුළු විත්තිකරුවන් ගොනුකළ අභියාචනා පෙත්සම ලබන 5 වනදා යළි කැඳවීමට තීරණය කෙරේ

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ රුසියානු පෙම්වතිය දූෂනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විසි වසරක සිර දඩුවම් නියමවී සිටින තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුලූ විත්තිකරුවන් පස්දෙනා ඉදිරිපත් කල අභියාචනා පෙත්සම ලබන 5 වනදා යළි කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළා.
ඒ, එම පෙත්සම ශිරාණි ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරන විනිසුරුවරුන් හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.
2012 වසරේ තංගල්ල ප්‍රදේශයේදී කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂනය කිරීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුලූ විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඩුවම් නියම වුණා.