Gossips

තංගල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකරුවන් රිමාන්ඩ්

තංගල්ල වැලිආර ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
ඔවුන් විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් බවටයි අනාවරණ වී ඇත්තේ.
නෙටොල්පිටිය ප්‍රදේශයේම පදිංචි අජිත් ප්‍රසන්න හෙවත් පොල බේබි සහ නිමල් සමරවික්‍රම හෙවත් අයිරා තංගල්ල බස් නැවතුම්පොලේදී ඊයේ (02) මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.
ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධයක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
පසුගිය මස 23 වනදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන්ට වෙඩි තබා තියුණු ආයුධයකින් පහරදී පලාගොස් තිබුණා.
ඝාතනයට සම්බන්ධ තවත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා.