Gossips

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 48 ක ජල කප්පාදුවක්

තංගල්ල – පලපොත ප්‍රධාන සම්ප්‍රේෂණ නල මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් හෙට උදෑසන 8 සිට 30 වනදා උදෑසන 8 දක්වා පැය 48 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, තංගල්ල පලපොත, කදුරුපොකුණ, සීනිමෝදර, උනාකූරුව, ගොයම්බොක්ක, කොස්වත්ත සහ පල්ලිකුඩාව යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.