Gossips

තංගල්ලේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට

තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් නෙටොල්පිටිය ප්‍රදේශයේම පදිංචි විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් බවටයි අනාවරණ වී ඇත්තේ.
අජිත් ප්‍රසන්න හෙවත් පොල බේබි සහ නිමල් සමරවික්‍රම හෙවත් අයිරා තංගල්ල බස් නැවතුම්පොලේදී ඊයේ (02) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධයක් ද සොයා ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
පසුගිය මස 23 වනදා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන්ට වෙඩි තබා තියුණු ආයුධයකින් පහරදී පලාගොස් තිබුණා.
කෙසේ වෙතත්, ඝාතනයට සම්බන්ධ තවත් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා.
මේ අතර, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
මියගිය පුද්ගලයින් දෙදෙනා පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගේ සමීපතමයින් දෙදෙනෙක්.
පසුගිය ඉරිදා රාත්‍රියේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ නිවසක රැදී සිටියදී ඔවුන් දෙදෙනා ඉතා අමානුෂික ලෙස ඝාතනය කර තිබුණා.