ෆේස්බුක් සාදයක් වටලා තරුණ තරුණියන් 10 දෙනෙකු අත්අඩංගුවට
තංගල්ල – මැඩිල්ල ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය භාවිත කළ බව කියන තරුණයින් 10 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සාදය සංවිධාන කර ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර, තරුණියන් පස්දෙනෙකු සහ තරුණයින් පස්දෙනෙකු වන අතර, ඔවුන් වයස අවුරුදු 16 ත් 18 ත් අතර පසුවන්නන්.


