Gossips

ණය බර හේතුවෙන් බදු ප්‍රතිසංස්කරණවල ප්‍රතිලාභ සීමිත වෙයි

දැවැන්ත ණය බර හේතුවෙන් මෙරට බදු ප්‍රතිසංස්කරණ වල ප්‍රතිලාභ සීමිත වී ඇති බව මූඩි ආයෝජන උපදේශන සේවාව පවසනවා.
මේ නිසා බදු ප්‍රතිසංස්කරණ මෙරට මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇත්තේ සුළු වශයෙන් බවයි එමගින් පෙන්වා දෙන්නේ.
මෙහිදී ආසියා පැසිෆික් කලාපයේ නැගී එන ආර්ථිකයන් 11 ක් සැලකිල්ලට ගෙන ඇති අතර, ශ්‍රී ලංකාවට සමාන තත්ත්වයක් පවතින රටක් ලෙස නම් කර ඇත්තේ පාකිස්ථානයයි.
දෙරටේම ඉහළ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ හැකි වුව ද, ණය බරෙහි අඩුවීමක් දක්නට නොලැබෙන බව මූඩි ආයෝජන සේවාවේ අදහසයි.