Gossips

ණය පොලී අනුපාත සියයට 2 කින් පහළට

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගෙන් අයකරගන්නා ණය පොලී අනුපාතය සියයට දෙකකින් අඩුකිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී තැන්පතු පොලී අනුපාතිකය සීමා කිරීමටද පියවර ගන්නා බවයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ බැංකු නියාමනයේ පවතින කොන්දේසි හේතුවෙන් මෙලෙස බදු අනුපාතයේ ගැටළු මතුව ඇති බවයි.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය සහ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය අනුව ඉදිරියේදී මාස 3 කට වරක් පොලී අනුපාත ව්‍යුහය සංශෝධනය කිරීමට නිර්දේශ කර ඇති බවයි.