Gossips

ණය නිකුත් කිරීම අඩුවෙයි

මෙරට වාණිජ බැංකු මගින් පෞද්ගලික අංශයට ලබාදුන් ණය මේ වසරේ ජනවාරි මාසයේදී වසර 4කට පසු ඍණ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
2018 ජනවාරියේදී වාණිජ බැංකු මගින් රුපියල් බිලියන 5557.1ක් ණය වශයෙන් ලබාදී ඇති අතර, මේ වසරේ ජනවාරියේදී එය රුපියල් බිලියන 5561.4 දක්වා පහත වැටී තිබෙනවා.
ඒ අනුව එය සියයට 4.3කින් අඩු වී ඇති බවයි නිළ දත්ත මගින් පෙන්වා දෙන්නේ.
පෞද්ගලික අංශයට වාණිජ බැංකු මගින් නිකුත් කළ ණය මෙලෙස අවසන් වරට ඍණ වර්ධනයක් පෙන්නුම් කර ඇත්තේ 2014 වසරේ මැයි මාසයේදියි.