Gossips

ණය ගෙවීම අවුලක් නොවන බව ආණ්ඩුව කියයි

ඇමරිකානු ඩොලර් බිලියන දහසක විදේශ ණය ජනවාරි මාසය වනවිට ගෙවා අවසන් කරන බව ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
එමෙන්ම ඊට අදාළ කටයුතු යොදා අවසන් බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ දේශීය ව්‍යාපාරිකයන් සවිමත් කරමින් ආර්ථික වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බවයි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරියේදී අතුරු සම්මත ගිණුමක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවයි.
එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඇති වී ඇති අර්බුදයට එකම විසදුම මහ මැතිවරණයක් පැවැත්වීම බවයි.
මේ අතර, කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන කියා සිටියේ 151 දෙනෙකු අත්සන් කර ලිපියක් භාර දෙන්නේ නම් අධිකරණ තීන්දුවට පෙර මහ මැතිවරණයක් පැවැත්විය හැකි බවයි.