Gossips

ණය ගෙවාගත නොහැකිව ව්‍යාපාරිකයෙකු ගිනි තබාගෙන මරුට (ඡායාරූප)

පුත්තලම – උඩප්පුව – කීරියන්කල්ලිය ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී ව්‍යාපාරිකයෙකුගේ පිළිස්සුණු මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.
මොහු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ උඩප්පුව නගරයේ යතුරුපැදි අමතර කොටස් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය 34 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.
මොහු පෙරේදා දිනයේ සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් ඊයේ පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබුණා.
කෙසේ වෙතත්, ඊයේ ලද තොරතුරට අනුව මෙම පුද්ගලයාගේ සිරුර සොයා ගෙන ඇත්තේ කීරියන්කල්ලිය පාළු ඉඩමක තිබියදීයි.
ඔහුගේ සිරුරු තිබූ ස්ථානය අසළ තිබී මුදල් පසුම්බියක් හමුවී ඇති අතර එහි ඔහු විසින් ලියන ලද ලිපියක්ද සොයාගෙන තිබෙනවා.
එහි සඳහන් කර ඇත්තේ ණය ගෙවීම පිලිබඳව ඇතිවූ ගැටලූ සහගත තත්ත්වයක් හේතුවෙන් තමන් කළකිරීමෙන් සිටින බවටයි.
මීට අමතරව ඔහුගේ නිවසේ තිබී තවත් එවැනිම ආකාරයේ ලිපියක් හමුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව ණය ගෙවාගත නොහැකිවීම නිසා ඔහු මෙලෙස සියදිවි හානිකරගන්නට ඇති බවටයි පොලිසිය දැනට සැක පළ කරන්නේ.

(ඡායාරූප – හිරාන් ප්‍රියංකර / ජූඩ් සමන්ත)