පොළොන්නරුව – දියබෙදුම – ඇළිකිඹුලාවල ප්‍රදේශයේ පුද්ගලයෙකු ණය ගෙවාගත නොහැකිව ගෙළ වැළලාගෙන මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි එක්දරු පියෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
රුපියල් විසි පන්දහසක මුදලක් මෙම පුද්ගලයා විසින් ණයට ගෙන ඇති අතර, එය ගෙවාගැනීමට නොහැකිවීම හේතුවෙන් සිත්තැවුලට පත්ව මෙලෙස සිය නිවස පිටුපස ඇති කැලෑ ප්‍රදේශයකදී ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව සඳහන්.