Gossips

ණය ගෙවන්න හැකි පරිදි රට ස්ථාවර බව අගමැති කියයි

රටේ ණය බර ගෙවීමට හැකි පරිදි මේ වනවිට ඒවා ගෙවීමට හැකි පරිදි රට ස්ථාවර තත්ත්වයකට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මොනරාගල – බිබිල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
ඒ සඳහා සිදුකළ බදු පැනවීම් හේතුවෙන් ජනතාව රජයට දෝෂාරෝපණ එල්ල කරන බවද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර, සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද සිංගප්පූරුව බලා පිටත්ව යනවා.
අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂෙයින් ලූන් ඇතුළු ඉහළ පෙළේ නායකයින් ද හමුවීමට නියමිතයි.
ජුලි 9 වන දා ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේදී නාගරික සංවර්ධන හා පරිසර සුරැකීම මැයෙන් අග්‍රාමාත්‍යවරයා දේශනයක් ද පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.