මොරටුව, එගොඩ උයන, කොරළවැල්ල ප්‍රදේශයේ නිවසක තිබී මිය ගිය ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඒ සමඟ අදාල නිවසේ නිවැසියා ද අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේ.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයකට ලද තොරතුරක් මත එගොඩ උයන පොලිසිය විසින් ඊයේ (15) සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම ඩොල්ෆින් මත්ස්‍යයාගේ සිරුර සොයාගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු 52 හැවිරිදි සැකකරු අද (16) මොරටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තීබුණා.
