ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු මුදලින් ඩොලර් මිලියන 5ක් ඉදිරි සතියේදී ගෙවීමට ශ්රී ලන්කන් ගුවන් සමාගම එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ අනුව අඛණ්ඩව ශ්රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන සැපයීමට තීරණය කර ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
දැනට ඉන්ධන සැපයීම වෙනුවෙන් ශ්රී ලන්කන් ගුවන් සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 87 දශම 5ක හිඟ මුදලක් ගෙවීමට නියමිතව තිබෙනවා.
මෙම මුදල නොගෙවන්නේ නම් ශ්රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන සැපයීම අත්හිටුවන බවයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග පසුගියදා සඳහන් කළේ.
