Gossips

ඩොලර් මිලියන 300 ක් ණයට ගන්න කැබිනට් අනුමැතිය

මේ වසරේදී මුල් කාර්තුවේදී මෙරට බැංකු හරහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ණය වශයෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
රජය විසින් එම ණය මුදල රාජ්‍ය බැංකු සහ මෙරට ක්‍රියාත්මක විදේශීය බැංකු හරහා ලබා ගනු ඇති.
මේ වසරේ පළමු කාර්තුවේදී විදේශීය ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 732 ක් අවශ්‍ය බවයි ඇස්තමේන්තු කර ඇත්තේ.
මේ වසර සඳහා රජයේ මුළු ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 1895 ක්.