Gossips

ඩොලර් මිලියන 1500ක ණය ගෙවීම ගැන සැලසුම්

ලබන වසරේදී ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක ණය වාරිකය ගෙවිය යුත්තේ කෙසේද යන්න මේ වනවිටත් සැලසුම් කර ඇති බව ජාතික ආර්ථික සභාවේ ලේකම්, මහාචාර්ය ලලිත් සමරකෝන් ප්‍රකාශ කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ විදෙස් ණය ගෙවීමට රජයේ බැංකුවලින් ඩොලර් මිලියන දහසක මුදලක් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.