Gossips

ඩොලර් මිලියන 12ක් වටිනා රයිනෝ අං තොගයක් මැලේසියාවෙන් අල්ලයි

මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපළේදී නීතිවිරෝධී ලෙස වියට්නාමයට රැගෙන යාමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 116ක් බරැති රයිනෝ අං 50ක් එරට රේගු බලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට මැලේසියාවට ගෙන්වා ඇති එම රයිනෝ අං තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 12ක් පමණ වන බව සඳහන්.
ඒ සමඟ කිලෝග්‍රෑම් 200ක් බරැති කොටි සහ වලස් සම් තොගයක් ද සොයා ගනු ලැබූ බවයි ඒ පිළිබද පරීක්ෂණ පැවැත්වූ මැලේසියානු වනජීවි සහ වනෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල් කදීර් අබු හෂීම් ප්‍රකාශ කළේ.
අදාළ සත්ත්ව කොටස් මැලේසියාවට රැගෙන විත් ඇත්තේ අප්‍රිකාවෙන්.