Gossips

ඩොලර් මිලියන 100ක ඇමරිකානු ප්‍රහාරක යානයක් කඩා වැටේ

ඇමරිකානු ගුවන් හමුදාවේ මැරීන් බලකායට අයත් එෆ් 35 බී වර්ගයේ නවීනතම ප්‍රහාරක ජෙට් යානයක් දකුණු කැරොලයිනා ප්‍රදේශයේදී ඊයේ අනතුරට ලක්වී තිබෙනවා.
කෙසේ නමුත්, එහි නියමුවා යානයෙන් සුරක්ෂිත ලෙස නික්මීමට සමත් වූ බව පෙන්ටගනය ප්‍රකාශ කළා.
2006 වසරේ මුල් වරට මෙහෙයුම් සඳහා යොදා ගැනුණු එෆ් 35 ප්‍රහාරක යානයක් අනතුරට පත්වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
මුලින්ම ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට යොදා ගැනුණු ඩොලර් මිලියන 100ක් වටිනා මෙම යානය ප්‍රහාරක මෙහෙයුම් සඳහා යොදා ගත් අනෙක් රට වන්නේ ඊශ්‍රායලයයි.