Gossips

ඩොලරය රුපියල් 166 ඉක්මවයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහත වැටෙමින් රුපියල් 166 ද ඉක්මවා තිබෙනවා.
ශ්‍රී ලංකා මහබැංකුවේ ඩොලරයක විකුණුම් මිල අද (18) සටහන් වූයේ රුපියල් 166යි ශත 64ක් ලෙසයි.
මේ වසරේදී මේ දක්වා රුපියලේ අගය සියයට 7කින් පමණ පහත වැටී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.