Gossips

ඩොලරය මැතිසබයත් උණුසුම් කරයි

ඇමරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හේතුවෙන් රට දැඩි මුල්‍ය අර්බුදයකට ලක්වෙමින් පවතින බව ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ඊට අදාළව අදහස් පළ කිරීමේදී සභානායක ලක්ෂමන් කිරිඇල්ල සහ අමාත්‍ය මලික් සමරවික්‍රමද ඊට මැදිහත් වුණා.
මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේ එළඹෙන සති කිහිපයේදී ද තවදුරටත් රුපියල අවප්‍රමාණය විය හැකි බවයි.
ඔහු පැවසූවේ මේ වනවිට සියයට හතයි දශම හතරකින් රුපියල අවප්‍රමාණය වී ඇති බවයි.