වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ඩොලරයේ අගය රුපියල් 200 දක්වා ඉහළ යාම වැළැක්වීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.
ඒ මුදල් අමාත්‍යාංශයේ ප්‍රචාරක දැන්වීම් පිළිබඳ තොරතුරු විමසීම සදහා අද යළි එහි පැමිණි අවස්ථාවේදීයි.
ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ද එක්ව සිටියා. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අදාළ විස්තර ඔවුන් ඉල්ලා තිබු අතර, මෙතෙක් එම තොරතුරු ඔවුන්ට ලැබී නැහැ.
අද දිනය තුළ ඒවා ලබා දෙන බව මුදල් අමාත්‍යාංශ නිළධාරින් දැන්වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියා සිටියේ.
