Gossips

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 173 ඉක්මවයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල, අද රුපියල් 173 ඉක්මවා අවප්‍රමාණ වී තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 173යි ශත 38ක් ලෙසයි.
එහි ගැනුම් මිල ලෙස රුපියල් 169යි ශත 49ක් ලෙස සටහන් වනවා.
පසුගිය මස 21 වන දා ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 170 ඉක්ම වූ අතර, මහබැංකුවේ මැදිහත්වීමෙන් රුපියලේ යම් ස්ථාවරවීමක් ඉන් අනතුරුව දක්නට ලැබුණා.