Gossips

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත තේරී පත්වීමට මුදල් රැස් කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මීළඟ මැතිවරණ ව්‍යාපාරය සඳහා මේ වසරේ මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 10ක් එක්රැස් කර තිබෙනවා.
ඒ අනුව කලින් රැස් කළ මුදල් සමඟ ට්‍රම්ප්ගේ යළි තේරී පත්වීමේ ප්‍රචාරක ව්‍යාපාරයට දැන් එක්රැස් වී ඇති මුදල ඩොලර් මිලියන 28ක්. ඉන් ඩොලර් මිලියන 3.9ක් මේ වසරේ මුල් කාර්තුවේදී වැය කර ඇති අතර ඉන් ඩොලර් අට ලක්ෂයක්ම වැය වී ඇත්තේ නීතිමය ගාස්තු වෙනුවෙන්.
ඇමරිකානු ජනාධිපතිවරුන් නැවත තේරී පත්වීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීමට සාමාන්‍යයෙන් වසර දෙකක පමණ කාලයක් ගත වනවා.
එහෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිය ධුරයේ වැඩ භාර ගත් දිනයේදීම නැවත තේරී පත්වීමේ මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළා.