Gossips

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට සූදානමින්

වසරකට පසු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද නැවතත්, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට එක්වනවා.
හෙට මහා මණ්ඩලය අමතන ඔහු සිය දේශනයේදී උතුරු කොරියාව සහ ඉරානය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ඇති.
එමෙන්ම ඇමරිකානු ජනාධිපතිවරයා මහා මණ්ඩල සම්මේලනයට සමගාමීව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.