Gossips

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාත් ඉවත්වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලී මේ වසර නිමාවත් සමඟ තනතුරෙන් ඉවත්වන බව ධවල මන්දිරය ඊයේ නිවේදනය කළා.
ඇමරිකානු මැරින් බලකායේ හිටපු ජනරාල්වරයෙකු වූ ඔහු සහ ජනපති ට්‍රම්ප් අතර පසුගිය කාලය තුළ මතභේද පැවති බව සඳහන්.
මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයාගේ මීළඟ ආරක්ෂක උපදේශක තනතුරට හිටපු හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී ජනරාල් මාක් මිලේ නම් කර තිබෙනවා.
ඔහු ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු හමුදා මෙහෙයවූ තරු හතරේ ජනරාල්වරයෙක්.
කෙසේ නමුත් ඔහුගේ තනතුර ඇමරිකානු සෙනෙට් මණ්ඩලය මගින් අනුමත කළ යුතුයි.