පාසල් ගුරුවරුන් ආරක්ෂාව සදහා ආයුධ සන්නද්ධ විය යුතු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
පාසල්වල කාර්ය මණ්ඩල ආයුධ සන්නද්ධව සිටීමෙන් එල්ල වන ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමේ හැකියාව ඇති බවයි ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ.
ඇමරිකාවේ – ෆ්ලොරීඩාහි පාසලකට පසුගියදා එල්ල වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබදව පාසල් සිසුවියන් පිරිසක් සමග සිදුකළ සාකච්ඡාවකදී ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
