Gossips

ඩේවිඩ් වෝනර්ගේ තැනට ඇලෙක්ස් හේල්ස් එයි

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඩේවිඩ් වෝනර් වෙනුවෙන් එංගලන්ත පිතිකරු ඇලෙක්ස් හේල්ස් කැඳවා තිබෙනවා.
ඔස්ට්‍රේලියා කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනා හේතුවෙන් වසරක ක්‍රිකට් තහනමක් පැනවුනා.
මේ හේතුවෙන් ඔහුට අයි පී එල් තරගාවලිය ද තහනම් කිරීමටයි අයි පී එල් බලධාරීන් පියවර ගනු ලැබුවේ.
ඒ අනුව ඩේවිඩ් වෝනර් නියෝජනය කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඇතිවු පුරප්පාඩුව සඳහායි ඇලෙක්ස් හේල්ස් කැඳවා ඇත්තේ.
ඔහු ඒ වෙනුවෙන් අයකර ඇති මුදල අමරිකා ඩොලර් 154,000 ක්.
ජාත්‍යන්තර 20 යි 20 යි ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතර පසුවන එකම එංගලන්ත ක්‍රීඩකයා වන්නේ ද ඇලෙක්ස් හේල්ස් වීම විශේෂත්වයක්.
අයි පී එල් තරගාවලියට එක්වීම හේතුවෙන් එංගලන්ත පිතිකරුවාට ප්‍රාන්ත තරග කිහිපයක් ද අහිමි වනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීම සඳහා ඔහු කඩිනමින් ඉන්දියාවට පැමිණෙනු ඇති.
මෙවර අයි පී එල් තරගාවලිය අප්‍රේල් 7 වනදා ආරම්භ වන අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පළමු තරගය පැවැත්වෙන්නේ අප්‍රේල් 9 වනදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමගයි.
ඩේවිඩ් වෝනර්ට මෙවර තරගාවලිය අහිමිවීම හේතුවෙන් කණ්ඩායමේ නායකත්වයට නවසිලන්තයේ කේන් විලියම්සන් පත් කෙරුනා.