Gossips

ඩේව්ඩ් වෝනර් වෙනුවෙන් කේන් විලියම්සන්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් නම්කර තිබෙනවා.
ඒ පන්දුව පලුදු කිරීමේ චෝදනා හේතුවෙන් තරග තහනමකට ලක්ව අයි පී එල් තරගාවලිය අහිමිවූ ඩේවිඩ් වෝනර් වෙනුවටයි.
පන්දුව පලුදු කිරීමේ චෝදනා හේතුවෙන් ඔහුට සහ ස්ටීවන් ස්මිත්ට වසරක කාලයක් තරග තහනම් කෙරුනා.
ස්ටීවන් ස්මිත් වෙනුවෙන් රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම නායකයා ලෙසට අජින්කෙයා රහනේ කණ්ඩායමට කැඳවා තිබෙනවා.
ඩේවිඩ් වෝනර් වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් කැඳවනු ඇති බවට ද මීට පෙර වාර්තා පලවී තිබුනා.
කෙසේවෙතත් හෙට ආරම්භ වන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් ඔහු අයි පි එල් තරගාවලියට එක් නොවන බවට ද තොරතුරු වාර්තා වුනා.
කේන් විලියම්සන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශකර ඇත්තේ මෙවර තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය භාරගැනීමට සුදානම් බවයි.
2018 ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය ලබන අප්‍රේල් 7 වනදා ආරම්භ වනවා.
පළමු තරගය පැවැත්වෙන්නේ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම් අතර වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි.