Gossips

ඩේල් ස්ටේන්, කපිල් දේව් අභිබවයි

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව අතින් කපිල් දේව් අභිබවා යාමට දකුණු අප්‍රිකානු පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් සමත්වුණා.
ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමේදී කඩුලු 04 ක් දවාලීමත් සමඟ ඔහුගේ මුළු කඩුලු සංඛ්‍යාව 437 දක්වා ඉහළ ගියා.
ඒ අනුව කපිල් දේව් ලබාගත් කඩුලු හාරසිය තිස් හතරේ වාර්තාව ස්ටේන් අභිබවා ගිය අතර, එංගලන්ත ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ්ගේ වාර්තාව සම කිරිමට සමත්වුණා.
ඩේල් ස්ටේන්ට දැන් හිමිව ඇත්තේ වැඩිම කඩුලු ලාභීන් අතර 7 වන ස්ථානයයි.
එහි මුල් තැන ටෙස්ට් කඩුලු 800 ක් ලැබූ මුත්තයියා මුරලිදරන්ට හිමිව ඇති අතර, කඩුලු 708 ක් ලබා ෂේන් වෝන් දෙවන ස්ථානයේ පසුවනවා.
පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් රංගන කඩුලු 433 ක් ලබාගනිමින් එම ලැයිස්තුවේ දසවන ස්ථානය හිමිකරගෙන සිටිනවා.