Gossips

ඩේල් ස්ටේන්ගෙන් පන්දුව පළුදු කිරීම ගැන මතයක්

පිතිකරුවන්ට වාසිදායක ලෙස සකස් වී ඇති ක්‍රිකට් ක්‍රීඩාවේ අසමබරතාව, පන්දු යවන පාර්ශවය විසින් පන්දුව පළුදු කිරීම සඳහා පොළඹවන බව දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක
ඩේල් ස්ටේන් පවසනවා.
වර්තමානයේ ක්‍රීඩාංගණවල හතරේ සීමාව කෙටිවීම, නව පන්දු දෙකක් යොදා ගැනීම, පවර් ප්ලේ සහ බරැති පිති යන කරුණු සියල්ලම පිතිකරුවන්ට වාසිදායක ඒවායි.
මේ නිසා පන්දු යවන්නන් ඇතැම්විට අසරණ වන බවයි ඔහු සඳහන් කළේ.
ඕස්ට්‍රේලියානු පිළ පසුගිය දකුණු අප්‍රිකානු චාරිකාවේදී පන්දුව පළුදු කිරීමේ වරදට හසුවීම පිළිබදව අදහස් දක්වමින්.
ටෙස්ට් කඩුලු 421ක් බිද හෙළුෑ ඩේල් ස්ටේන්, ෂෝන් පොලොක් පිහිට වූ දකුණු අප්‍රිකානු ටෙස්ට් කඩුලු වාර්තාව සමකර තිබෙනවා.