Gossips

ඩෙංගු වළක්වා ගැනීමට මිහිතලය උණුසුම්වීම පාලනය කරන්න

මිහිතලය උණුසුම්වීම පාලනය කළහොත් වසරකට ලොව පුරා වාර්තා වන මිලියන 3ක් පමණ වන ඩෙංගු ආසාදනයන් වළක්වා ගත හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ මෙම අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ පසුගිය වසර 50 තුළ වාර්ෂිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 30 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.
මිහිතලය උණුසුම්වීම සෙන්ටිගේ‍්‍රට් අංශක 1.5කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යාම වළක්වා ගත යුතු බවයි එමගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
මිහිතලය උණුසුම්වීමේ ප්‍රතිඵල දැනටමත් අත්දැකිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසයි.
කාලගුණ වෙනස හේතුවෙන් උණුසුම් වා දහරා වලට ජනයා නිරාවරණයවීම, මදුරු රෝග පැතිරීම මෙන්ම වගා හානිවීමෙන් මන්දපෝෂණය ඉහළ යාම එවැනි ප්‍රතිඵල කිහිපයක්.