ගාල්ල – කරාපිටිය ප්‍රධාන මාර්ගය බෙලිගහ – ගලගෙඩිය මංසන්ධියෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා.
ඒ, ඩෙංගු රෝගය හේතුවෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මිය යාමට විරෝධය පළ කරමින්.
ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලක ඇති ජලය පිරුණු ස්ථානවල මෙලෙස ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වන බවටයි එහිදී විරෝධතාකරුවන් චෝදනා කළේ.
විරෝධතාකරුවන් එම ගොඩනැගිල්ලට පිවිස එහි තිබූ යතුරුපැදි කිහිපයකට ද ගිනි තබා විනාශ කර ඇති බව අප වාර්තාකරු කියා සිටියා.
මෙම පිරිස ගාල්ල – කරාපිටිය ප්‍රධාන මාර්ගයේ ටයර් පුළුස්සමින් විරෝධතාවයේ නිරත වන අවස්ථාවේ මාර්ගයේ ගමනාගමන කටයුතු ද අඩාල වුණා.
ගාල්ල ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින බවට පැවසෙන ඩෙංගු රෝගය පිළිබදව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්නගෙන් ද අප විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ගත වූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් රෝහලෙන් වැඩි වශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි. ඒ පිළිබදව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර ඇති බව ද රෝහල් අධ්‍යක්ෂවරයා සදහන් කළා.
