Gossips

ඩෙංගු අවදානම යළි ඉහළට

වැසි කාලගුණයත් සමඟ ඩෙංගු රෝගය යළි පැතිරීමේ අවදානමක් මතුව තිබෙනවා.
වසරේ මේ දක්වා කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව 39,793 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.
ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 7654 ක්. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4360 ක් වාර්තා වන අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2459 ක් වාර්තා වනවා.
අඩුම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 84 ක්.
වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග යළි ඩෙංගු රෝගය හිස එසවිය හැකි බැවින් අවට පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරින් ඉල්ලීමක් කළා.
ඒ පිළිබඳ අදහස් දැක්වූ අයි.ඩී.එච්. උණ රෝහල හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියා සිටියේ පසුගිය දිනවල ඇද හැලූනු වැසිත් සමඟ ජනතාව ඩෙංගු අවදානම පිළිබඳව සැළකිල්ලෙන් පසුවිය යුතු බවයි.
එමෙන්ම නොවැම්බර් – දෙසැම්බර් මාසවල ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළා.