Gossips

ඩෙංගු අවදානම ගැන සැලකිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශවලින් උපදෙස්

ඉදිරියේදී ඇතිවිය හැකි වර්ෂාවත් සමඟ ඩෙංගු ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.
මේ වනවිට පවතින වියළි කාලගුණ හේතුවෙන් ඩෙංගු වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ඔහු කියා සිටියේ.
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 13,514 ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 51,659 ක්.