Gossips

ඩුවෙන් ඔලිවියර් ඉවත් වෙයි

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ඩුවෙන් ඔලිවියර් එරට ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සමඟ පසුගිය දා පැවති ටෙස්ට් තරඟාවලිය පරාජය වීමත් සමඟයි ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව යළි ඔහුට එරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
කෙසේ වෙතත් ඔහු එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වන යෝක්ෂයර් කණ්ඩායම සමඟ වසර 3ක් දක්වා ඉදිරියේදී ක්‍රීඩා කිරීමට ද ඔහු ගිවිසුමකට එළඹ තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.