Gossips

ඩුබාහිදී ඇල්ලූ මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 25දෙනා අතර දේශපාලනඥයන් දෙදෙනෙක්

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි බන්ධනාගාරයක රඳවා ඇති බව වාර්තා වනවා.
ඩුබායි පොලිිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර ඇති බව සඳහන්.
මධුෂ් ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇති අතර ඒ, ඔවුන්ගේ රුධිරයේ අඩංගු මත්ද්‍රව්‍ය පිලිබඳව නිගමනය කිරීම සඳහායි.
මේ අතර විදේශ අමාත්‍යාංශය සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඩුබායි බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ජා කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
පොලිස් මූලස්ථානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට මහජන නියෝජිතයන් දෙදෙනෙකු ද සිටින බවයි. එමෙන්ම පොලිස් නිලධාරියෙකු සහ බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බවට ඊයේ අනාවරණය වුණා.
එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ඩුබායිහි රැදී සිටින මාකදුරේ මධුෂ්ට එරෙහි තවත් කල්ලියක් විසින් මොහු සම්බන්ධ පළමු ඔත්තුව ලබා දී ඇති බවයි. ඒ අනුව මාකදුරේ මදූෂ් ඇතුළු පිරිස රැදී සිටි ඩුබායි හෝටලය වටලා ඇති අතර එම අවස්ථාව වන විටත් අත්අඩංගුවට ගත් පිරිස කොකේන් පානය කරමින් සිට ඇති බව හෙළි වී තිබෙනවා.
මෙම සාදය සඳහා සහභාගි වීමට මෙරටින් ගිය පුද්ගලයෙකුගේ වීඩියෝ ඇමතුමක් ඔස්සේ මධුෂ්ට එරෙහි කල්ලියට අදාල තොරතුරු ලැබී ඇති බවද වාර්තා වනවා.
මාකඳුරේ මධුෂ් සමඟ සිටියදී සැකකරුවන් 25 දෙනෙකු මෙලෙස ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගත් අතර ජනප්‍රිය ගායකයෙකු වන අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා මෙන්ම පාතාල නායකයන් සිව් දෙනෙකු ද සිටියා.
මෙම සාදයට එක්වීමට පැමිණි අංගොඩ ලොක්කා සහ කෙසෙල් වත්තේ දිනුක යන පාතාල නායකයන් දෙදෙනා පලාගොස් තිබූ අතර වීඩියෝ ඇමතුම් ලබාගත් පුද්ගලයාද අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පොලීසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගිය පාතාල නායකයෙකු වන ඩී. මංජුගේ ගෝලයින් තුන්දෙනෙකු මත්කුඩු සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්තල ප්‍රදේශයේදී චාගිවත්තේ සුරේෂ් සහ තවත් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගැනුනා.
චාගිවත්තේ සුරේෂ් නැමැත්තාට එරෙහිව පැමිණිලි රැසක් ඇති බවත්, ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට ඍජුවම සම්බන්ධ අයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියා සඳහන් කළේ.
වත්තල – ශාන්ත ආනා දේවස්ථාන භූමියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ඩී. මංජු නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණේ පසුගිය වසරේ පෙබරවාරි 23 වනදායි.