Gossips

ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව CID භාරයට ගත් අනෙක් පුද්ගලයා මුදා හැරේ

පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඊයේ පිටුවහල් කළ දෙදෙනාගෙන් අනෙක් පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදා හැර තිබෙනවා.
ඔහු දෙමටගොඩ පදිංචි 50 හැවිරිදි පියල් පුෂ්පකුමාර රාජපක්ෂ නැමැත්තෙක්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඊයේ සිට සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුට එරෙහිව චෝදනා නොමැතිවීම හේතුවෙන් මෙලෙස මුදා හැරි බවයි.