Gossips

ඩුබායි සිට පිටුවහල් කළ පිරිස ගැන ඉදිරි කටයුතු සඳහා පොලීසියේ ජ්‍යෙෂ්ඨයන්ගේ කමිටුවක්

පාතාල නායක කංජිපානි ඉම්රාන් ඇතුළු ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් ද ඊට ඇතුළත් බවයි.
ඒ අනුව පිටුවහල් කළ පිරිස සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග, විමර්ශන ඊට අදාළ උපදෙස් සහ අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම පිරිස කටයුතු කරනු ඇති.