විදේශීය දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 24 හැවිරිදි සැකකරු සිය ගමන් මල්ලේ සඟවාගෙන මෙම දුම්වැටි තොගය රැගෙන විත් ඇති බව සඳහන්.
දුම්වැටි 30,000 ක් එහිදී සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් දහසය ලක්ෂ පනස් දහසක්.
(ඡායාරූප – කටුනායක ටී.කේ.ජී.කපිල )
