ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරටට පැමිණි ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සරත් පණ්ඩිතරත්න හෙවත් ‘සරා මල්ලී’ නමින් මොහු හඳුන්වා ඇති බවටයි වාර්තා වන්නේ.
ඝාතන සහ තවත් අපරාධ රැසකට සම්බන්ධ බවට මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ රැඳී සිටි අවස්ථාවේදී සැකකරු ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මේ අතර පසුගිය වසරේ කොස්ගොඩ ලොකූ නමැති පාතාල නායකයාට එල්ලවූ වෙඩි ප්‍රහාරයේද චෝදනා එල්ලවූයේ "සරා මල්ලී" වෙතයි.
වැලිපැන්න මීගම ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියකින් සිදුකළ එම වෙඩිතැබීමෙන් කොස්ගොඩ ලොකූ එම ස්ථානයේදීම මියගිය අතර ඔහුගේ ගෝලයන් දෙදෙනෙකු එම ප්‍රහාරයෙන් තුවාල ලැබුවා.
ඔහු කොස්ගොඩ සුජී හා දකුණේ පාතාල කල්ලි නායක මදුෂ් සමඟ ද හිතවත්කම් පැවැත්වූ අයෙකු ලෙසට ප්‍රසිද්ධ වූවා.
