Gossips

ඩුටරෙට්ගේ මත්විරෝධී සටන යළි ඇරඹේ

පිලිපීන ජනාධිපති රොඩි‍්‍රගෝ ඩුටරෙට් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ භාවිත කරන්නන්ට එරෙහිව ආරම්භ කළ සටනට එරට පොලිස් බලකාය යළි එක්වී තිබෙනවා.
ඒ අනුව, පසුගිය දෙසැම්බර් 5 වනදා සිට මාර්තු පළවනදා දක්වා මත් සැකකරුවන් 102 දෙනෙකු පොලිස් මෙහෙයුම්වලදී ජීවිතක්ෂයට පත්වූ බවයි පිලිපීන පොලිස් ප්‍රධානියා සදහන් කළේ.
2016 වසරේදී ඩුටරෙට් බලයට පැමිණියේ පිලිපීනයේ මත් උවදුර මැඩලීමේ ප්‍රතිඥාවක් ලබාදෙමින්.
එතැන් සිට ඔහු ආරම්භ කළ මත් විරෝධී සටන පසුගිය ඔක්තෝම්බරයේදී තාවකාලිකව නතර වූයේ පොලීසිය සමූල ඝාතනයක් සිදුකරන බවට චෝදනා එල්ල වීමත් සමගයි.
මත් විරෝධී මෙහෙයුම්වලදී පුද්ගලයන් 4021 ක් ජීවිතක්ෂයට පත්වූ බව රජය නිල වශයෙන් ප්‍රකාශ කළ ද මානව හිමිකම් සංවිධාන සදහන් කළේ 12,000 කට වැඩි පිරිසක් ඩුටරෙට්ගේ මත්විරෝධී සටනට බිලිවී ඇති බවයි.