Gossips

ඩී.වී. චානකගෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්

තමාට සහ තම පවුලට එරෙහිව දැවැන්ත කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට අද (15) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික ලේකම්වරයෙකු බව කියන පුද්ගලයෙකු සමඟ එක්ව තංගල්ල කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානකගේ නිල රථයට යම්කිසි දෙයක් දමන්නැයි ඉල්ලා සිටි බවට අජිත් ලක්මාල් නැමති පුද්ගලයෙකු පසුගිය 22 වැනිදා පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එම අජිත් ලක්මාල් නැමැත්තා පවසන සියල්ල අසත්‍ය බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් අද (15) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා.