කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ වෙඩි තැබීමට තමන් සම්බන්ධ බව හැඟවීමට පොලීසිය ක්රියාකර ඇතැයි පවසමින් දකුණු පළාත් සභා මන්ත්රී ඩී.වී. උපුල් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර මන්ත්රීවරයාගේ පුතු වන පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී. චානක ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, ඔහු එමඟින් පසුගියදා තමාව කිසියම් වරදකට හසුකිරීමට ගත් උත්සාහය පිළිබඳව පැමිණිලි කර තිබුණා.
