Gossips

ඩී මංජුගේ ජාවාරම් මෙහෙයවු දිලීප STF සමග වෙඩි හුවමාරුවකින් මරුට

තලාතුඔය ප්‍රදේශයේදී අද පස්වරු 6.30 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයෙකු මියගොස් තිබෙනවා.
එම පුද්ගලයා පාතාල නායකයෙකු වන ඩී මංජුගෙන් පසු ඔහුගේ ජාවාරම් මෙහෙයවු දිලීප් රෝහණ හෙවත් දිලීප නැමති අයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ.
එම පුද්ගලයා තලාතුඔය ප්‍රදේශයේ සිටින බවට ලැබුනු තොරතුරක් මත විශේෂ කාර්ය බලකා නිලධාරීන් එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබුනා.
එහිදී එම සංවිධානාත්මක අපරාධකරු සිටින නිවසට විශේෂ කාර්ය බලකා නිලධාරීන් ගිය අවස්ථාවේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද සිය පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් කළ වෙඩි තැබීමේදී සැකකරු තුවාල ලබා තිබෙනවා.
ඔහු මහනුවර රෝහලට රැගෙන යන විට මියගොස් ඇතැයි සඳහන්.
සැකකරු සමග එම අවස්ථාවේ සිටි කාන්තාවක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
මීට මාස කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් මියගිය ඩී මංජු නැමති අපරාධකරුගේ ප්‍රධානතම සමීපතමයා ලෙසට කටයුතු කර ඇත්තේ මෙම සැකකරු බවට හෙළිවී තිබෙනවා.
ඩී මංජුගේ මරණයෙන් පසු ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ද දිලීප නැමති පුද්ගලයා බවටයි හෙළිවී ඇත්තේ.
එමෙන්ම 2014 වසරේ කැළණිය ටයර් හංදියේදී කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට වෙඩි තැබිම සම්බන්ධයෙන් ද දිලීප නම් සැකකරු ඇප ලබා සිටින අයෙක් බව පොලිසිය ප්‍රකාශ කළා.