Gossips

ඩී.එස්. ගුණ සැමරුම ජනපතිගේ ප්‍රධානත්වයෙන්

දිවංගත මහාමාන්‍ය ඩී.එස්. සේනානායකගේ ගුණ සැමරුම් උත්සවය අද බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. මේ, එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ 2015 වසරේ තමන් පොදු අපේක්ෂකයා ලෙස එක්වූයේ ඩී.එස්. සේනානායක ප්‍රතිපත්තිවලින් යුත් එක්සත් ජාතික පක්ෂයට බවයි.
එහෙත් එය එසේ නොවූ බව තමාට පසුව තේරුම් ගිය බව ද ජනාධිපතිවරයා මෙම ගුණ සැමරුම් උත්සවයේදී ප්‍රකාශ කළා.
දූෂණය, වංචාව, නාස්තිය හා සොරකම සේනානායක චරිතය තුළ නොතිබූ බවත්, තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගරු කරන අතරම, රටේ අනාගතය සඳහා ඩී.එස්., ඩඞ්ලි ප්‍රතිපත්තිවලින් යුතු වූ එක්සත් ජාතික පක්ෂය මේ රටේ බිහි වේවා කියා තමන් ප්‍රාර්ථනා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර, ගාලූ කථිකාව 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද ආරම්භ වුණා.