Gossips

ඩී.අයි.ජී. නාලක සිල්වා ගැන මාධ්‍යයට හෙළි කළ නාමල් කුමාරගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවේ හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තුල්හිරිය ප්‍රදේශයේ පිහිටි තම නිවසට පසුගිය සිකුරාදා පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමාගෙන් පැය 6කට අධික කාලයක් ප්‍රශ්න කළ බවයි.
නාමල් කුමාර මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තමන් සමඟ පැවැත්වූ දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් හෙළි කරනු ලැබුවේ පසුගිය 12 වනදායි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍යවරයා පසුව පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.
කෙසේ වෙතත් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර කියා සිටියේ මෙම හඩ පට ඇති තමාගේ ජංගම දුරකථනය අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසටද දැනුම්දී ඇති බවයි.